Wednesday, December 28, 2011

Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම !

Windows 7 වල Virtual Hard Disk එකක් සාදා ගන්නේ කොහොමද ?

අවවාදයි : මෙම නූල ඇබරීමට හේතුව, නොදන්නා අයට දැනගැනීමට සහ දන්නා අයට හරියටම දැන ගනීම පිණිසයි !

හරි ! දැන් වැඩේට බහිමු,

Windows 7 වල එන සුපිරි ජිල්මාර්ට්ස් වලින් එකක් තමයි මේ Virtual Hard Disks කියන්නේ.. (XP දාගෙන ඉන්න අය අඩන්න එපා ඒ අයට වෙනම Tread එකක් කරනව Virtual Hard Disks Create කරගන්න හැටි ගැන : {මේ Tread ඒකෙ කස්ටියගේ ප්‍රතිචාර අනුව} )

මේකත් හරියට අපි Alcohol වලින් Image එකක් ගහල Mount කරනව වගේම තමා ! වෙනසකට තියෙන්නෙ,

Mount වෙනුවට තියෙන්නෙ Attach

Unmount වෙනුවට තියෙන්නෙ Detach

හරි හරි බයිලා වලින් වැඩක් නෑ මේක කරගන්නෙ මෙහෙමයි,

1. මුලින්ම My Computer Write Click කරල Manage දෙන්න,

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/1vhd.png


2. Computer Management Window එකේ Action >> Create VHD දෙන්න

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/2vhd.png

ඊටපස්සේ එනව මේ වගේ Window එකක් ,

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/3vhd.png

මේකේ අපි Hard Disk එක හදන්න ඕනේ Location එක තේරුවට පස්සෙ ඊට යටින් තියනවා Virtual Hard Disk Format එක සහ Size එක තෝරන්න..

කැමති Size එකක් තොරපන් අඩුම ගාන මම හිතන්නෙ 3 MB..

(සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව 10-20 GB වත් තොරපන් )

මොකද්ද මේ Dynamically Expanding කියන්නේ ?ඒ කියන්නේ උබල 10 GB Hard Disk එකක් හැදුවොත් ඒ Virtual Hard Disk File (.VHD) එක 10 GB වෙන්නේ නැහැ.. අපි ඒ Hard Disk එකට File's දා ගෙන දා ගෙන යනකොට තමා පිරෙන්නෙ !

Fixed Size කියන්නේ ඒකෙ අනිත් පැත්ත කියල ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ !

අවුලක් නැතුව Use කරන්න නම් Fixed Size තෝරහන් !

ආ තවදෙයක් C:\ ඒකෙ එහෙම මේ File එක හදාගන්න එපා !

(දන්න වනේ ඉතින් මෙලෝ සිහියක් නැතුව 7 DVD එක ගත්ත ගමන් C:\ එක Format කරල Windows ගැහුව හමන් Sorry.com තමා )

හරි දැන් කොහොම හරි Virtual Disk එක හදා ගත්ත කියමු !

ඔන්න ඊට පස්සෙ මෙන්න මෙහෙම Unallocated space එකක් පෙන්නනවා , (Management Window ඒකෙ Disk Management වල හොදේ )

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/2vhd1.png

ඊට පස්සෙ Write Click කරල Initialize Disk දෙන්න !

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/3vhd1.png

ඊට පස්සෙ මේ වගේ Dialog box එකක් එනව !

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/4vhed.png


Master Boot Record කියන එක එහෙමම තියාගෙන OK කරන්න..

GPI තෝරන්නේ 2TB වලට වැඩි VHD එකක් හදනවනම් විතරයි හොදේ ! (අනේ උබල හදන 2TB )

ඉන් පසුව බැදගත් බිත්තරය කැබලිවලට කපා කිරි වලට දමන්න !

හරි හරි දැන්නම් මහන්සී කොල්ලෝ ඉතුරු ටික නම් උබලට කරගන්න පුළුවන්....

කමන් නෑ සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව එකත් දාන්නම් කෝ !

ඊට පස්සෙ අයෙමත් ඒ Unallocated Space එක Write Click කරල New Simple Volume දෙන්න !

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/8vhd.png

මේ Window එකේ Next කළා !

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/9vhd.png
මේ Windows එකෙත් Next කළා !

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/10vhd.png

ඕන Device Letter එක තේරුවා !
http://www.howtogeek.com/wp-content/uploads/2009/10/11vhd.png

නම ගැහුවා, Perform a Quick Format තෙරුවා !

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/12vhd.png

Finish කළා !

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/13vhd.png

ඔන්න ඔහොමයි ඉතින් උනා කියන්නේ !

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/sshot20091021013653.png

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/14vhd.png

http://www.howtogeek.com/wp-content/uploads/2009/10/15vhd.png

එක හුස්මට පට පට ගාල දැම්මේ මොනා හරි මිස් වෙලා නම් අනිව කියපන් !

මේ Tread එකත් එළකිරි ද නැද්ද කියල කියහල්ලක්කෝ එහෙනම් !

මලා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. දැන් Virtual Disk එක හදාගෙන ශෝක් එකට ඉදල, PC එක Format කලාට පස්සෙ උඩ බිම බලන්න එපා "කෝ යකෝ මගෙ Hard Disk එක කියල !"

Virtual Drive එක අයින් කරන්නේ Management Window එකේ අදාල Drive එක උඩ Write Click කරල Detach

අයෙ ඒ Drive එක දාන්නේ ඒ Window එකේම අදාල Drive එක උඩ Write Click කරල Attach දීල Location එක select කරපන්.. ආ තව දෙයක් තියන ව.. අපේ අයියල මල්ලිලා (නංගිලාත් ඉන්නව කියල ආරන්චී ! ) ඉතින් අනං මනං හංගන්න ඉතින් Folders Hidden කරකර Folder Lockers දදා දහලනවනේ ! ඉතින් මේ ක්‍රමේ ඔය ඔක්කොටම වඩා හොදයි නේ !

ඔන්න මම නම් ඉතින් ඕවට නෑ හොදේ

අපි ගියෝ !.....

Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

අහන්න දෙයක් නෑ ඉතින් වැඩි තමා !
ගිගා බයිට් 7 පිරෙනකන් Emails එවන්න ඉන්නේ කවුද ?
ඔය නිකන් දෙන Space එක අපේ PC එකේ Hard Disk එකක් වගේ Use කරන්න තිබුනොත් පට්ට නේ !

මෙන්න තියනවා Solution එක !
Gmail Drive..

මේ Software එක Install කලාට පස්සේ My Computer වලට එනව මේ වගේ අලුත් Device එකක් !

http://hackspc.com/wp-content/uploads/2008/11/gmaildrive.jpg

ඊට පස්සේ මේ Drive එක Double Click කලාට පස්සෙ මේ වගේ Dialog එකක් එනව !

http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_2.png

මේ Dialog box එකේ අපේ Gmail Address එකයි password එකයි ගහල OK කරන්න ඕනේ !

http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_3.png

ලොග් උනාට පස්සෙ අපිට drive එක ඇතුලට ගිහින් ඕන files ටික Copy කරන්න පුළුවන් !

http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_4.png

මෙන්න ලින්ක්ස් එක

http://www.viksoe.dk/code/gmail.htm තියන අවුල් ,

අවුල් අංක එක : Software එක Gmail Account එකට ලොග් වෙන Dialog box එක සමහර වෙලාවට Not Responding වෙනව !

එතකොට එක ගනන් නැතුව දිගටම තියන්න !

අවුල් අංක දෙක : මේ Drive එකට Copy කරන්න පුළුවන් 10 MB වලට වඩා අඩු Files විතරයි !

සමහරුන්ට හිතෙන්න පුළුවන් file sharing site එකක host කරනවනේ !

මොකටද මෙච්චර කට්ට කන්නෙ කියල ! එත අපි මොකක් හරි project එකක් කරද්දී ජීවිතෙට

file sharing site එකක හොස්ට් කරන්නේ යන්නේ නෑ නේ ! හදිස්සියේ වත් hard එකට Sorry.com උනොත්..

ඒකනිසා තමා මේක ගොඩක් අපිට වටින්නේ !

Normal ගේම් එකක් ගහගෙන ගෙන Site එකක් Browse කරගෙන ඉන්න අයට නම් එච්චර වැදගත් නොවෙන්න පලුවන් ගොඩක් ම වටින්නේ Power Users ලට තමයි !

---------------------------------------------------------------------------------------------------------------------
මේ ක්‍රමේ දිරවන්නෙ නැති අයට..

මේ තියෙන්නේ Fire Fox add on එකක්

https://addons.mozilla.org/en-US/firefox/addon/1593

මේකෙනුත් පුළුවන් ඕකම කරගන්න.. හැබැයි එකේ තියන අවුල තමයි NOT WORKING FOR FIRE FOX 4.0

Web Cam එකෙන් Spy කරන්න ආසද ?

මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් ! (මම නම් හොරෙන් කාමරේට රිංගල DVD එකක් බඩේ ගහ ගත්ත එකෙක් ඇල්ලුවා ! ඒත් උගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ..මගෙ බොක්කෙ පිට් එකක් කියල හිතන් හිටියෙ දැන් නම් මම දන්නවනේ මිනිහ කව්ද කියල )

හරි බයිලා වලින් වැඩක් නෑ ! මේක කරන්නේ මෙහෙමයි !
Software එකේ නම තමා Vitamin d Video

මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !
හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක ඩවුන්ලෝඩ් කර ගන්න එක !

http://www.vitamindinc.com/downloads.php
ඊට පස්සේ ඉතින් Install කරපන් !
ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ !

http://blogs.ft.com/fttechhub/files/2009/11/vitamind.jpg

මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !
http://singularityhub.com/wp-content/uploads/2009/09/vitamin-d-video-people-recognition-300x235.jpg

මේ තමා Main GUI එක !

http://cdn.ilovefreesoftware.com/wp-content/uploads/2010/02/Vitamin-D-Video-Webcam-Surveillance-Software.jpg

motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා !

http://mallow.wakcdn.com/screenshots/33894/big.jpg

අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් !

හපෝ දිවත් පැටලෙනව ! මෙන්න මේ vedio එක බලන්න ! ලෙසටම තේරෙයි !

http://www.youtube.com/watch?feature=player_embedded&v=G30FHqSKZOg

හරි ඔන්න ඔහොම තමා උනා කියන්නේ !

දුරකතනයේ_ලොක්_එක_කඩාගෙන_Call_ගමු.

BoyFriend දීපු, Office එකෙන් දීපු, අම්මා-තාත්තා දීපු, ඇමතුම් සීමා සහිත දුරකතනයේ ලොක් එක කඩාගෙන හෝ ගාලා Call ගමු.

http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTvu_HXEkR67aAE3nu8Bj7X7rZ2yWtjv1Vq4BRXC8ncmMC3BTfQvg

එහෙනම් ආයුබෝවන් යාලුවෝ හැම දෙනාටම.ඉස්සරවෙලාම කලබල නැතුව මුල ඉඳලම කල්පානවෙන් මේක කියවලාම වැඩේට බහින්නකෝ.ඔයාලට ඔයාලා වැඩ කරන Office එකෙන් සමහර විට Phone එකක් දීල ඇති.ඔයා ගැහැණු ළමයෙක්නම් ඔයාට ගෙදරින් Phone එකක් දීලා ඇති.(සමහර ගැහැණු ළමයින්ට හොරෙන් තියාගන්න කියලා BoyFriend දීපු Phone එකක් තියෙන්නත් පුලුවන් ;-) ) ඉතින් මේ කොහොම හරි ඔයා ලඟ තියන Phone එකෙන් Calls ගන්න පුලුවන් Numbers කිහිපයකට පමණක් වෙන විදිහට ඔයාලගෙ Phone එක සෙට් කරල ඔයාලට දීල තියෙන්න පුලුවන්.

Office එකක නම් ඔයාට දීල තියෙන්නෙ ඔයාට නිතරම වගේ කතා කරන්න වෙන Office එකේ සාමාජිකයින්ගෙ Numbers වලට විතරක් Calls කරන්න පුලුවන් වෙන විදියට හදලා.

ගෙදරින් දීපු Phone එකක්නම් ඔයාට දීල තියෙන්නෙඅම්මටයි, තාත්තටයි , තව අම්මටයි-තාත්තටයි හිතවත් දෙතුන් දෙනෙකුගෙ Numbers වලට විතරක් Calls කරන්න පුලුවන් වෙන විදියට හදලා.

BoyFriend දීපු Phone එකනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ වෙන්නෙ නැහැනෙ.එයාට විතරක් Calls කරන්න පුලුවන් වෙන විදියට හදල තමයි දෙන්නෙ.
(හැබැයි එයා ඔයාට තියන ආදරේට තමයි එහෙම කරන්නෙ කියලත් මතක තියගන්න.)

හරි ඔන්න අපි හිතමුකො අපිට හදිස්සි වෙලාවක Call එකක් ගන්න උනා කියලා.කොහොමද ගන්නෙ?ගන්න
බැහැනෙ.ඉතින් මම මේ ලිපියෙන් කියල දෙන්නම් කොහොමද ඔය වැඩේ කරන්නෙ කියලා.

---හරි අපි වැඩේ පටන් ගමු---
හැඳින්වීම :

ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කල හැකි පහසු ක්‍රියාවලියකි.(කොහොමත් හැමදෙනාටම කරන්න අපහසු සංකීර්ණ ක්‍රියවලියක්නම් මම ඔයාලව අපහසුතාවයට පත් කරන්න මේකෙ දාන්නෙ නැහැ.මම නීති විරෝධී වැඩ ගැන Docs දාන්නෙ නැහැ.ඔයාලව එහෙම වැරදි වලට කොටු කරන්නෙ නැහැ මන්.බය වෙන්න එපා.)

Block කරන ලද SIM එකක් Unblock කිරීම පිලිබඳ විස්තර කෙරේ.

http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQVwIk82oizuIkHXtMoDqFUaabrDCr6-zc80Y6yPC31ogRnonF_nG2yaeZh

කොන්දේසි :

මම මේ කිසි වගකීමක් බාරගන්නෙ නැහැ කියන එක මුලින්ම කියන්න කැමතියි.
මේ විදියට Unblock වෙන SIM එක අයුතු විදියට Calls ගන්න පවිච්චි කරන්න එපා හොඳේ.හදිස්සි වෙලාවට Calls ගන්න තියාගන්න.
ඕනෙම කෙනෙක්ට පුලුවන් මේ විදියට SIM Unblock කරලා දීල සල්ලි ගන්න.හැබැයි ඒ කෙනාට දරන්න පුලුවන් ගානක් අයකරන්න හොඳේ.

අවශ්‍යය දේවල් :

Nokia 3310 දුරකතනයක් (ඔය ලොකු ලොකු Phone වලින් කරන්න බැරි ගොඩක් දේවල් පොඩි පොඩි 4න් වලින් කරන්න පුලුවන්. Nokia 3310 Phone එකක් අලුතෙන්ම ගත්තත් රුපියල් 500 කටත් වඩා අඩුයි.ඔය Communication වල රීලෝඩ් දාන්න වැඩිපුරම තියාගෙන ඉන්නෙ ඕවා තමා)

http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRyGeJ1KyoPRdWtaf_PL6eCsQIwryzYpIxtcIICBT2jDLHrGCsN

මේ තියෙන්නෙ ඔය කියන Nokia 3310 Phone එකනෙ
වෙන මොකුත් ඕනෙ නැහැ.එච්චරයි ඕනේ.

හරි අපි ඕනෙ දේවල් ලෑස්ති කරගත්තා.එහෙනම් වැඩේ කරමු.

ඉස්සෙල්ලම ඔයාලාගෙ Phone එකෙ Model එක අනුව Call Settings වලට ගිහිල්ලා බලන්න "Fixed Dialing" කියල එකක් තියනවද කියලා.ඔය "Fixed Dialing" කියන්නෙ තමන්ට ඕනෙ Numbers වලට විතරක් ඒ SIM එකෙන් Call කරන්න පුලුවන් වෙන විදියට සෙට් කරන්න ඕනෑම Phone එකක තියන Option එක.ඉතින් මේ Option එක සක්‍රීය හෝ අක්‍රීය කරන්න නම් PIN2 නමින් වූ SIM එකේ දෙවැනි ආරක්ශක කේතය අවශ්‍යය වෙනවා.

http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSfbDGjCI6X3Sp3YH9evtw1xpD7eRUwG16p_ny3lzTUIr8bVn60
මේක සක්‍රීය හෝ අක්‍රීය කරන්න යන අවස්ථාවේදී තුන් පාරකට වඩා වැරදි ලෙස මෙම කේතය ඇතුලු කලහොත් PIN2 කේතය Block වී PUK2 නමින් වූ Confimation CODE එක ඉල්ලනවා.ඉතින් මේ CODE එක ආවට පස්සෙ හරිම PIN2 CODE එක දුන්නත් වැඩක් නැහැ.ඉතින්මෙම PUK2 CODE එක ලබාගැනීමටනම් ඔයාලගෙ ජාලයේ පාරිභෝගික සේවා අංශය සමඟ කතා කරගෙන ඔයාලගෙ අනන්‍යතාවය ඔප්පු කරලා තමා ගන්න ඕනෙ.(ඔය මොකුත් නැතුව ගන්න පුලුවන් ක්‍රමේකුත් තියනව.ඒක මෙතන දාන එක හරි නැහැ.)Etisalat වලනම් SIM එක ගද්දිම PIN2, PUK2 කියන CODE දෙකත් දෙනවා.

ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නෙ අපි ගාව තියන PIN2 හරි PUK2 හරි Block කරපු SIM එක Unblock කරන්නනෙ. ඉතින් ඔයාල දන්නවනේ අපි වැඩ කරන Office එකේ SIM එකක් මෙහෙම Unblock කරගත්තොත් කල්ල මරේ කියල.හරි ... අපි Theory එකට එමු.මම කලිනුත් කිව්ව වගේ මේක ඉගෙනගත්තට Company එකට පාඩු නොවෙන්න, අහු නොවෙන්න අත්‍යාවශ්‍යම වෙලාවක Call ගන්නව ඇරෙන්න වෙන වෙන දේවල් කරන්න එපා හොඳේ.(මන් කිව්වෙ මල් කඩන එක එහෙම කරන්න එපා හොඳේ [;-)] )

මේක මම කියල දෙන්න යන්නෙ Mobitel SIM වලට.මොකද ගොඩක් රජයේ සහ රජයේ නොවන Company වල Package SIM විදියට දෙන්නෙ Mobitel SIM තමයි.අනිත් ඒවට මම දන්න තරමින් මේ වැඩේ කරන්න බැහැ.අනිත් SIM වලට මෙය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් ක්‍රමයක් ඇත.

හරි අපි පටන් ගමු...........
දැන් ඔයා අර Nokia 3310 Phone එක අරගෙන ඒකට අපි Unblock කරන්න යන SIM එක දාගන්න.ඊට පස්සෙ Phone එක On කරන්න.දැන් ඔයා මොකක් හරි Number එකක් Dial කරන්න බලන්න.බැහැ නේද?"Call Not Allowed" කියල වැටෙනව නේද?හරි එහෙනම් දැන් මම කියන පිලිවෙලට කරන්න.Phone එකේ Menu Button එක ඔබලා Messages කියන Option එක තෝරන්න.දැන් එකින් එක Messages ඇතුලෙ තියන විකල්ප Check කරන්න.එතන ඇති "Service Command Editor" කියල Option එකක්.ඒක තෝරන්න.

තෝරලා ඉවර වෙලා එතනම #888# ඔබලා Send කරන්න.ඉස්සෙල්ලා Main Screen එකේදි SEND කරද්දි Calls or Codes නොගියට මෙතනින් Codes යනව නේද? හරි.ඊට පස්සෙ ඔයාලව මොබිටෙල් Self care Service එකට ඇතුලු වේවි.දැන් එහි ඇති විකල්ප අතුරින් "PUK Codes" කියන එක තෝරන්න.මට මතක හැටියට 3 වෙනි විකල්පය තමයි ඒක.ඊට පස්සෙ එන විකල්ප ගොන්නෙන් "PUK2 Code" කියන Option එක තෝරන්න.ඔන්න ඊට පස්සෙ ඔයාගෙ SIM එකට අදාල PUK2 CODE එක වැටෙයි.ඒක කොහේ හරි ලියාගෙන දැන් වැඩේට බහින්න.

හරි දැන් ඔයා ආයෙමත් මුලට එන්න.දන් Menu Button එක ඔබලා Settings කියන Option එක තෝරන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියනව "Cost Control" කියල Option එකක්.අන්න ඒක තෝරන්න.දැන් Cost Control එක ඇතුලෙ ඇති "Fixed Dialing" කියල Option එකක්.ඒක තෝරගන්න.දැන් ඒකෙ ඇති "Off" කියල Option එකක්.ඒක උඩ ඔබන්න.දැන් "Enter Pin2 Code:" කියල Display එකේ වැටෙයි.දැන් ඔයාල මොකක් හරි Number එකක් ගහන්න.මෙන්න මේ වගේ,

උදා:- "55555"
හරි.දැන් OK කරන්න.දැන් Pin2 Code එක වැරදියි කියලා වැටෙයි.ආයිත් ඇතුලු කරන්න කියයි.ආයෙමත් ඒකම ගහන්න.එතකොට ආයෙමත් වැරදියි කියයි.ආයෙමත් ඇතුලු කරන්න කියයි.ඔයාල කිසි බයක් නැතුව ආයෙමත් ගහන්න ඒ Number එකම.ආයිත් කියයි වැරදියි කියලා.Display එකේ "Pin2 Code Blocked" කියලත් වැටෙයි.දැන් Dispay එකේ තියෙන්නෙ "Enter PUK2 Code:" කියලා නේද?දැන් අතපය දිග ඇරල අපි අර ඉස්සරවෙලාම අරගත්ත "PUK2 Code" එක Type කරන්න හරියටම.ඊට පස්සෙ OK කරන්න.දැන් කියයි."Enter New Pin2 Code" කියලා.ඒකට පහසු අංකයක් ගහගන්න "12345" වගේ.ඊට පස්සෙ OK කරන්න.දැන් "Confirm Pin2 Code:" කියල වගේ එකක් කියයි.ඊට පස්සෙ ආයෙමත් අර ඉස්සෙල්ල ගහපු Number එකම ගහන්න "12345" ......දැන් OK කරන්න.දැන් Display එකේ වැටෙයි "Pin2 Saved" කියලා.ඔන්න දැන් අපේ සේරම වැඩ ටික ඉවරයි.

දැන් ආයෙමත් මුලට ගිහින් ඔයාගෙ ගෙදර Phone එකට හරි වෙන Phone එකකට හරි Call එකක් අරගෙන බලන්න.ඔයා Dial කරපු Phone එක Ring වේවි.බැරිවෙලාවත් Call එක Dial උනේ නැත්නම් ආයෙමත් Fixed Dialing ගිහින් බලන්න Fixed Dialing Onද Offද කියලා.Onනම් ඔයා අර අලුතින් දීපු Pin2 Number එක දීලා ඒක Off කරන්න.අනිවා වැඩ කරනවා.ඒක 100%ක් Sure !!!

-------------වෙනත් ජාලයක දුරකතන සඳහා :
ඉහත අප #888# Type කර Send කල තැනට #132# ලෙස සටහන් කොට Send කර එම SIM Card පත ලියාපදිංචි වී ඇති පුද්ගලයාගේ නම සහ හැඳුනුම්පත් අංකය ලබාගන්න.ඉන්පසුව වෙනත් Sim Card පතකින් Block වී ඇති Sim Card පත අයත් ජාලයේ පාරිභෝගික සේවා අංශය අමතා තම දුරකතනයේ PIN2 Block වී ඇති බවත් දැන් PUK2 නමින් කේතයක් ඇතුලු කරන ලෙස දිස්වෙන බවත් අත්වැරදීමකින් එසේ සිදුවූ බවත් පවසන්න.ඉන්පසුව ඔවුන් විමසන අවස්ථාවේදී අදාල Sim Card පතේ ඔවුන් ඉල්ලන විස්තර පමණක් ලබා දෙන්න.පසුව ඔවුන් විසින් එම දුරකතනයේ PUK2 Code එක ඔබ වෙත ලබා දෙනු ඇත.එතැන් සිට ඉහත සඳහන් පියවර අනුගමනය කරන්න.

------------
ඉතා වැදගත් :

ඔබගේ SIM Contact List එකෙහි ඇති Numbers සියල්ල වෙනම කොලයක නම සහ අංකය ලෙස ලියාගන්න.ඔබ Fixed Dialing Off කල වහාම ඔබගේ SIM Contact List එක Hidden වේවි.එය නැවත Active කලහොත් යලි Contact List එක පෙනෙනු ඇත.එම නිසා Fixed Dialing Inactive කල වහාම ඔබ අර ලියාගත් Contacts එකින් එක SIM Contact List එකට දා ගන්න.එතකොට හරි.

ඔන්න හරි.ඔයාලා බොහොම පරෙස්සමෙන්, සහ කාටවත් අසාධාරණයක් නොවෙන විදියට මේ දේවල් පරිහරණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.එහෙනම් හැමදෙනාටම ජයෙන් ජය !!!

facebook එකේ ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස්ලට එකවර invite කරමුද

අද මම කියල දෙන්න යන්නෙ FB එකේ ඉන්න ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස්ලට එකපාර ඉන්වයිට් කරන හැටි.අපිට මොකක් හරි දේකට(game,fan page,group ) ෆ්‍රෙන්ඩ්ස්ලට ඉන්වයිට් කරනකොට එක එක ෆ්‍රෙන්ඩ්ස්ල සිලෙක්ට් කර කර ඉන්න එක වදයක් නේද? මෙන්න ඒකට විසඳුම.මම මේක දැක්කෙ බ්ලොග් එකක තිබිල.මේක chrome extention එකක්.

මෙතනින් බාගන්න.

https://chrome.google.com/webstore/detail/ofcnbnhefnmjancehemliplicihbcjjb

invite කරන ආකාරය.

මුලින්ම මේ Extension එක දාගන්න.ඊට පස්සේ ඔයා යන්න ඕනේ ඔයාට Invite කරන්න ඕන Fan Page එකට හෝ Group එකට.ඊට පස්සේ Invite People to Join හෝ Suggest To Friends යන්න.දැන් ඔයාට ඔයාගේ යාළුවන්ගේ Profile Pictures පොඩි කොටුවල තියෙන පොඩි Window එකක් පෙනෙයි ඒකේ උඩින් ඔයාට අළුත් Button එකක් පෙනෙන්න ගනී.ඒ තමයි Toggle All කියන එක.ඒක Click කලාම ඔයාට පෙනෙයි ඔයාගේ ඔක්කෝම යාළුවො Select වෙලා ඉන්නවා.දැන් ඉතින් තියෙන්නේ Invite Button එක ඔබන්න

ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය

ඔන්න අළුත් වැඩ කෑල්ලක් හොයාගත්තා.

මේ ක්‍රමේ නම් හරිම ලේසියි.මේකට කිසිම ගෙවීමක්වත් ඕනා නෑ. විනාඩියක් යන්නේ නෑ වැඩේට. සොෆ්ට්වෙයා කෑලි මුකුත් ඕනි නෑ. URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන, මෙන්න මේ විදියට

http://bb5.at/huawei.php?imei=***************

(***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)

මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.

ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසානයි.

පරිගණකය එකලස් කිරීමේ දී දැන ගත යුතු මුලික කරුණු

පරිගණකයක් එකලස් කිරීමට අලුත්වැඩියා කිරීමට යන්න සතුව මුලික උපකරණ කට්ටලයක් තිබිය යුතුය.

* වැඩ කරන්න සුදුසු තැනක් තෝරා ගන්න.

වටපිටාවේ හොදින් ඉඩකඩ ඇති, හොදට එළිය වැටෙන තැනකදී ඔබේ පරිගණකය ගැලවීම හොදය.එවිට උපාංග එකිනෙක සමග කලවම් නොවී පිළිවෙලකට තැබීමටත්, ඒවා හොදින් හදුනා ගැනීමටත් අලුත්වැඩියාවට අදාළ ලිපි ලේඛන හා අත්පොත් නිවැරදි කියවීමටත් ඉඩ ලැබේ.

* ඔබගෙ පරිගනකය අනවශ්‍ය විදුලියෙන් ආරක්ෂා කර ගන්න.

හැම වැඩකටම කලින් පරිගණකය ප්‍රධාන විදුලියෙන් විසන්ධි කළ යුතුය.එතෙක් ඔබට විදුලි සැර වැදීමේ අනතුර ඉතිරිව තිබේ.එසේම අපේ සිරුරේ අතැගිලි වැනි තැන්වලදී විදයුත් ආරෝපණ රැස්ව තිබේ.ඒය හදුවන්නේ ස්ථිති විද්‍යුත් කියාය.ඒ විදුලියෙන් ඔබටත් පරිගණකය අනෙක් කොටස්වලටත් හානි සිදු වෙන්නට පුළුවන.

මෙවැනි හානි වලක්වා ගැනීම සදහා පරිගණකය උපාංග ස්පර්ශ කිරීමට කලින් පොළව මත තබා ඇති ලෝහ අල්මාරියක්, පිත්තල පහනක් වැනි ලෝහ උපකරණයක් දෑතින් හොදින් ස්පර්ශ කිරීමද සාර්ථක ක්‍රමයකි.එවිට ඔබේ දෑතේ රැස්ව තිබු ස්ථිති විද්‍යුත් ආරෝපණ පොළවට ගොස් හෙවත් භූගත වී ආරෝපණ නැතිව යනු ඇති.

ස්ථිති විද්‍යුතයට ප්‍රතිවිරෝධී අත්වැසුම් (anti-static gloves) හාවිතා කිරීමට හැකිනම් ඔබගේ උපාංගවලට 100% ක ආරක්ෂාවක් ලැබෙනු ඇත.කිසිවිටෙක සාමාන්‍ය අත්වැසුම් මේ සදහා භාවිතා නොකළ යුතුය.එහි වඩාත් ආරෝපණ රැදෙන බැවින් ඒවා මගින් ස්ථිර ලෙසම ඔබේ උපාංගවලට හානි ගෙන දෙනු ඇත.ඔබේ අතේ පළදාගත්, පරිගණකයේ චැසියට සම්බන්ධ කොට තිබෙන උපාංගයක් (anti-statics wrist band) මගින් පරිගණකයේ චැසිය හා පොළොව සම්බන්ධ කෙරෙන කම්බියකින් හෝ වයරයකින්ද මෙම ස්ථිති ව්ද්‍යුතය උදාසීන කිරීමට පුළුවන.

* නියම උපකරණ තෝරා ගන්න.

පරිගණකයේ ආවරණය ඉවත් කිරීමට එහි ඇති ඇණවලට ගැළපෙනම ඉස්කුරුප්පු නියන තෝරා ගන්න.මේ ඇණවලට හානි වුවොතින් නැවත නැවත ඒවා ගැලව පරිගණකය අලුත් වැඩියාවට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇති.එනිසා කිසිවිටෙකත් පිහියා තල, කතුරු තල හෝ වඩා කුඩා හෝ විශාල ඉස්කුරුප්පු නියන් පාවිච්චි නොකළ යුතුය.ඒ සමගම ගලවා ඉවත් කරන ඇණ මුරිච්චි. කෝප්පයකට හෝ පෙට්ටියකට දැමීම හොදය.තවද ඒවා එක් එක් කට්ටලය වශයෙන් වෙන වෙනම කඩදාසිවල ඔතා තැබීම නිසා ඇණ මාරු වීම නිසා ඇති වෙන කරදරයෙන් මිදීමට පුලුවන.

* පරිගණකයේ වයර් ගොන්න හරිහැටි තෝරා ගන්න.

පරිගණක කවරයේ හෙවත් බාහිරින් ඇති ලෝහ ආවරණ ඉවත් කළ විට පෙනෙන්නට තිබෙන්නේ රැහැන් ජාලය හරිහැටි තෝරා බේරා නොගතහොත් පසුව ඒවා කුමන කුමන උපාංගයට අදාළ ඒවා දැයි සොයාගන්නට ඔබට නොහැකි වනු ඇති.ඒ නිසා ඉවසීමෙන් යුතුව ඒ විදුලි රැහැන් තෝරා බේරාගෙන ඒවා නුල්වලින් හෝ ප්ලාස්ටික් රැහැන් (plastic ties) වලින් ගැට ගසා ගන්න.ඉන්පසු ඒ ඒ විදුලි රැහැන් මොනවාදැයි ලියා ලේබල් අලවා ගන්න.

* අදාළ අත්පොත් (manuals) හා උපදෙස් මාලා පාවිච්චියට ගන්න.

ඔබ පරිගණකයට අලුතින් ඩ්‍රයිව් වර්ග කාඩ් වර්ග එක් කරන්නට හෝ වෙනත් කොටසක් එක් කරන්නට යන විට එය මතකයෙන් කරනවාට වඩා අත්පොත් හා උපදෙස් මාලාවන් අනුව යමින්ම එය කිරීමට වග බලා ගන්න.කිසි විටෙකත් කිසි දෙයක් අනුමාන වශයෙන් නොකළ යුතුය.යම් කිසි තැනක ස්විචයක් හෝ ජම්පර් බොත්තමක් වෙනත් වෙනත් සැලසුමකට සකස් කළ යුත්තේ ඒ ගැන හොදටම අවබෝධයක් ඇතිවය.එසේ නැතහොත් ඒ සුළු වෙනස් කිරීමෙන් ඔබේ පරිගණකයේ මවුපුවරුව විනාශ වීමේ අනතුර ඇති වේ.

* ඩ්‍රයිව් වර්ග ජම්පර් හා ස්විච් ප්‍රවේසමෙන් හසුරුවන්න.


ජම්පර් බොත්තමක් දැමීම හෝ කුඩා උපාංගයක් හැසිර විමට උල් අඩු හෝ ට්විසර් යොදා ගන්න.ඇගිල්ලෙන් එය කරන්නට ගිය විට වටපිටාවේ ඇති අනෙක් පරිපථ උපාංගවලට හානි වීමට පුළුවන.එසේම ඩ්‍රයිව් වර්ග හෝ කාඩ් වර්ග ස්ලෝට්වලින් ඉවත් කිරීමේදී එහි සෑම තැනකටම එකම බලයක් යෙදෙන සේ ඒවා හසුරුවන්න.නැත්තම් එහි ඇති පින් ඇදවී යන්නට හා සොකට්ටු තුවාල වෙන්නට පුළුවන.එසේ වුවහොත් උපාංග හරිහැටි වැඩ කරන්නේ නැත.අනෙක් කාරණය එය නැවත තිබු තැන සවි කිරීමට අපහසු වීමය.පරිපථයේ කිසිම තැනක් හෝ පින් කිසිවක් නොඇල්ලිය යුතුය.අතේ ඇති ඩහදිය තිබෙන ලවන වර්ග නිසා ඒවා මල කන්නට ඉඩ ඇති බැවිනි.එසේ වූ විට සොයා ගන්නට අමාරු දෝෂ ටික කලින් පරිගණකයෙන් පෙන්වනු ඇත.

* දෙවැනි වර සියල්ල පරික්ෂා කරන්න.

නියමාකාරව යම් අලුත්වැඩියාවක් හෝ උසස් කිරීමක් (upgrade) කළ පසු පරිගණකය ක්‍රියාත්මක කිරීමට කලින් නැවතත් හර්හැටි සියල්ල සම්පුර්නකොට ඇත්දැයි මුල සිට විමසා බැලීමට මතක තබා ගත යුතුය.යම් අත්වැරැද්දක් සිදුව තිබේ නම් එවිට එය හසුවන බැවිනි.
Twitter Bird Gadget