Wednesday, December 28, 2011

Web Cam එකෙන් Spy කරන්න ආසද ?

මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් ! (මම නම් හොරෙන් කාමරේට රිංගල DVD එකක් බඩේ ගහ ගත්ත එකෙක් ඇල්ලුවා ! ඒත් උගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ..මගෙ බොක්කෙ පිට් එකක් කියල හිතන් හිටියෙ දැන් නම් මම දන්නවනේ මිනිහ කව්ද කියල )

හරි බයිලා වලින් වැඩක් නෑ ! මේක කරන්නේ මෙහෙමයි !
Software එකේ නම තමා Vitamin d Video

මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !
හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක ඩවුන්ලෝඩ් කර ගන්න එක !

http://www.vitamindinc.com/downloads.php
ඊට පස්සේ ඉතින් Install කරපන් !
ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ !

http://blogs.ft.com/fttechhub/files/2009/11/vitamind.jpg

මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !
http://singularityhub.com/wp-content/uploads/2009/09/vitamin-d-video-people-recognition-300x235.jpg

මේ තමා Main GUI එක !

http://cdn.ilovefreesoftware.com/wp-content/uploads/2010/02/Vitamin-D-Video-Webcam-Surveillance-Software.jpg

motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා !

http://mallow.wakcdn.com/screenshots/33894/big.jpg

අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් !

හපෝ දිවත් පැටලෙනව ! මෙන්න මේ vedio එක බලන්න ! ලෙසටම තේරෙයි !

http://www.youtube.com/watch?feature=player_embedded&v=G30FHqSKZOg

හරි ඔන්න ඔහොම තමා උනා කියන්නේ !

0 comments:

Twitter Bird Gadget