Wednesday, December 28, 2011

දුරකතනයේ_ලොක්_එක_කඩාගෙන_Call_ගමු.

BoyFriend දීපු, Office එකෙන් දීපු, අම්මා-තාත්තා දීපු, ඇමතුම් සීමා සහිත දුරකතනයේ ලොක් එක කඩාගෙන හෝ ගාලා Call ගමු.

http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTvu_HXEkR67aAE3nu8Bj7X7rZ2yWtjv1Vq4BRXC8ncmMC3BTfQvg

එහෙනම් ආයුබෝවන් යාලුවෝ හැම දෙනාටම.ඉස්සරවෙලාම කලබල නැතුව මුල ඉඳලම කල්පානවෙන් මේක කියවලාම වැඩේට බහින්නකෝ.ඔයාලට ඔයාලා වැඩ කරන Office එකෙන් සමහර විට Phone එකක් දීල ඇති.ඔයා ගැහැණු ළමයෙක්නම් ඔයාට ගෙදරින් Phone එකක් දීලා ඇති.(සමහර ගැහැණු ළමයින්ට හොරෙන් තියාගන්න කියලා BoyFriend දීපු Phone එකක් තියෙන්නත් පුලුවන් ;-) ) ඉතින් මේ කොහොම හරි ඔයා ලඟ තියන Phone එකෙන් Calls ගන්න පුලුවන් Numbers කිහිපයකට පමණක් වෙන විදිහට ඔයාලගෙ Phone එක සෙට් කරල ඔයාලට දීල තියෙන්න පුලුවන්.

Office එකක නම් ඔයාට දීල තියෙන්නෙ ඔයාට නිතරම වගේ කතා කරන්න වෙන Office එකේ සාමාජිකයින්ගෙ Numbers වලට විතරක් Calls කරන්න පුලුවන් වෙන විදියට හදලා.

ගෙදරින් දීපු Phone එකක්නම් ඔයාට දීල තියෙන්නෙඅම්මටයි, තාත්තටයි , තව අම්මටයි-තාත්තටයි හිතවත් දෙතුන් දෙනෙකුගෙ Numbers වලට විතරක් Calls කරන්න පුලුවන් වෙන විදියට හදලා.

BoyFriend දීපු Phone එකනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ වෙන්නෙ නැහැනෙ.එයාට විතරක් Calls කරන්න පුලුවන් වෙන විදියට හදල තමයි දෙන්නෙ.
(හැබැයි එයා ඔයාට තියන ආදරේට තමයි එහෙම කරන්නෙ කියලත් මතක තියගන්න.)

හරි ඔන්න අපි හිතමුකො අපිට හදිස්සි වෙලාවක Call එකක් ගන්න උනා කියලා.කොහොමද ගන්නෙ?ගන්න
බැහැනෙ.ඉතින් මම මේ ලිපියෙන් කියල දෙන්නම් කොහොමද ඔය වැඩේ කරන්නෙ කියලා.

---හරි අපි වැඩේ පටන් ගමු---
හැඳින්වීම :

ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කල හැකි පහසු ක්‍රියාවලියකි.(කොහොමත් හැමදෙනාටම කරන්න අපහසු සංකීර්ණ ක්‍රියවලියක්නම් මම ඔයාලව අපහසුතාවයට පත් කරන්න මේකෙ දාන්නෙ නැහැ.මම නීති විරෝධී වැඩ ගැන Docs දාන්නෙ නැහැ.ඔයාලව එහෙම වැරදි වලට කොටු කරන්නෙ නැහැ මන්.බය වෙන්න එපා.)

Block කරන ලද SIM එකක් Unblock කිරීම පිලිබඳ විස්තර කෙරේ.

http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQVwIk82oizuIkHXtMoDqFUaabrDCr6-zc80Y6yPC31ogRnonF_nG2yaeZh

කොන්දේසි :

මම මේ කිසි වගකීමක් බාරගන්නෙ නැහැ කියන එක මුලින්ම කියන්න කැමතියි.
මේ විදියට Unblock වෙන SIM එක අයුතු විදියට Calls ගන්න පවිච්චි කරන්න එපා හොඳේ.හදිස්සි වෙලාවට Calls ගන්න තියාගන්න.
ඕනෙම කෙනෙක්ට පුලුවන් මේ විදියට SIM Unblock කරලා දීල සල්ලි ගන්න.හැබැයි ඒ කෙනාට දරන්න පුලුවන් ගානක් අයකරන්න හොඳේ.

අවශ්‍යය දේවල් :

Nokia 3310 දුරකතනයක් (ඔය ලොකු ලොකු Phone වලින් කරන්න බැරි ගොඩක් දේවල් පොඩි පොඩි 4න් වලින් කරන්න පුලුවන්. Nokia 3310 Phone එකක් අලුතෙන්ම ගත්තත් රුපියල් 500 කටත් වඩා අඩුයි.ඔය Communication වල රීලෝඩ් දාන්න වැඩිපුරම තියාගෙන ඉන්නෙ ඕවා තමා)

http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRyGeJ1KyoPRdWtaf_PL6eCsQIwryzYpIxtcIICBT2jDLHrGCsN

මේ තියෙන්නෙ ඔය කියන Nokia 3310 Phone එකනෙ
වෙන මොකුත් ඕනෙ නැහැ.එච්චරයි ඕනේ.

හරි අපි ඕනෙ දේවල් ලෑස්ති කරගත්තා.එහෙනම් වැඩේ කරමු.

ඉස්සෙල්ලම ඔයාලාගෙ Phone එකෙ Model එක අනුව Call Settings වලට ගිහිල්ලා බලන්න "Fixed Dialing" කියල එකක් තියනවද කියලා.ඔය "Fixed Dialing" කියන්නෙ තමන්ට ඕනෙ Numbers වලට විතරක් ඒ SIM එකෙන් Call කරන්න පුලුවන් වෙන විදියට සෙට් කරන්න ඕනෑම Phone එකක තියන Option එක.ඉතින් මේ Option එක සක්‍රීය හෝ අක්‍රීය කරන්න නම් PIN2 නමින් වූ SIM එකේ දෙවැනි ආරක්ශක කේතය අවශ්‍යය වෙනවා.

http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSfbDGjCI6X3Sp3YH9evtw1xpD7eRUwG16p_ny3lzTUIr8bVn60
මේක සක්‍රීය හෝ අක්‍රීය කරන්න යන අවස්ථාවේදී තුන් පාරකට වඩා වැරදි ලෙස මෙම කේතය ඇතුලු කලහොත් PIN2 කේතය Block වී PUK2 නමින් වූ Confimation CODE එක ඉල්ලනවා.ඉතින් මේ CODE එක ආවට පස්සෙ හරිම PIN2 CODE එක දුන්නත් වැඩක් නැහැ.ඉතින්මෙම PUK2 CODE එක ලබාගැනීමටනම් ඔයාලගෙ ජාලයේ පාරිභෝගික සේවා අංශය සමඟ කතා කරගෙන ඔයාලගෙ අනන්‍යතාවය ඔප්පු කරලා තමා ගන්න ඕනෙ.(ඔය මොකුත් නැතුව ගන්න පුලුවන් ක්‍රමේකුත් තියනව.ඒක මෙතන දාන එක හරි නැහැ.)Etisalat වලනම් SIM එක ගද්දිම PIN2, PUK2 කියන CODE දෙකත් දෙනවා.

ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නෙ අපි ගාව තියන PIN2 හරි PUK2 හරි Block කරපු SIM එක Unblock කරන්නනෙ. ඉතින් ඔයාල දන්නවනේ අපි වැඩ කරන Office එකේ SIM එකක් මෙහෙම Unblock කරගත්තොත් කල්ල මරේ කියල.හරි ... අපි Theory එකට එමු.මම කලිනුත් කිව්ව වගේ මේක ඉගෙනගත්තට Company එකට පාඩු නොවෙන්න, අහු නොවෙන්න අත්‍යාවශ්‍යම වෙලාවක Call ගන්නව ඇරෙන්න වෙන වෙන දේවල් කරන්න එපා හොඳේ.(මන් කිව්වෙ මල් කඩන එක එහෙම කරන්න එපා හොඳේ [;-)] )

මේක මම කියල දෙන්න යන්නෙ Mobitel SIM වලට.මොකද ගොඩක් රජයේ සහ රජයේ නොවන Company වල Package SIM විදියට දෙන්නෙ Mobitel SIM තමයි.අනිත් ඒවට මම දන්න තරමින් මේ වැඩේ කරන්න බැහැ.අනිත් SIM වලට මෙය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් ක්‍රමයක් ඇත.

හරි අපි පටන් ගමු...........
දැන් ඔයා අර Nokia 3310 Phone එක අරගෙන ඒකට අපි Unblock කරන්න යන SIM එක දාගන්න.ඊට පස්සෙ Phone එක On කරන්න.දැන් ඔයා මොකක් හරි Number එකක් Dial කරන්න බලන්න.බැහැ නේද?"Call Not Allowed" කියල වැටෙනව නේද?හරි එහෙනම් දැන් මම කියන පිලිවෙලට කරන්න.Phone එකේ Menu Button එක ඔබලා Messages කියන Option එක තෝරන්න.දැන් එකින් එක Messages ඇතුලෙ තියන විකල්ප Check කරන්න.එතන ඇති "Service Command Editor" කියල Option එකක්.ඒක තෝරන්න.

තෝරලා ඉවර වෙලා එතනම #888# ඔබලා Send කරන්න.ඉස්සෙල්ලා Main Screen එකේදි SEND කරද්දි Calls or Codes නොගියට මෙතනින් Codes යනව නේද? හරි.ඊට පස්සෙ ඔයාලව මොබිටෙල් Self care Service එකට ඇතුලු වේවි.දැන් එහි ඇති විකල්ප අතුරින් "PUK Codes" කියන එක තෝරන්න.මට මතක හැටියට 3 වෙනි විකල්පය තමයි ඒක.ඊට පස්සෙ එන විකල්ප ගොන්නෙන් "PUK2 Code" කියන Option එක තෝරන්න.ඔන්න ඊට පස්සෙ ඔයාගෙ SIM එකට අදාල PUK2 CODE එක වැටෙයි.ඒක කොහේ හරි ලියාගෙන දැන් වැඩේට බහින්න.

හරි දැන් ඔයා ආයෙමත් මුලට එන්න.දන් Menu Button එක ඔබලා Settings කියන Option එක තෝරන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියනව "Cost Control" කියල Option එකක්.අන්න ඒක තෝරන්න.දැන් Cost Control එක ඇතුලෙ ඇති "Fixed Dialing" කියල Option එකක්.ඒක තෝරගන්න.දැන් ඒකෙ ඇති "Off" කියල Option එකක්.ඒක උඩ ඔබන්න.දැන් "Enter Pin2 Code:" කියල Display එකේ වැටෙයි.දැන් ඔයාල මොකක් හරි Number එකක් ගහන්න.මෙන්න මේ වගේ,

උදා:- "55555"
හරි.දැන් OK කරන්න.දැන් Pin2 Code එක වැරදියි කියලා වැටෙයි.ආයිත් ඇතුලු කරන්න කියයි.ආයෙමත් ඒකම ගහන්න.එතකොට ආයෙමත් වැරදියි කියයි.ආයෙමත් ඇතුලු කරන්න කියයි.ඔයාල කිසි බයක් නැතුව ආයෙමත් ගහන්න ඒ Number එකම.ආයිත් කියයි වැරදියි කියලා.Display එකේ "Pin2 Code Blocked" කියලත් වැටෙයි.දැන් Dispay එකේ තියෙන්නෙ "Enter PUK2 Code:" කියලා නේද?දැන් අතපය දිග ඇරල අපි අර ඉස්සරවෙලාම අරගත්ත "PUK2 Code" එක Type කරන්න හරියටම.ඊට පස්සෙ OK කරන්න.දැන් කියයි."Enter New Pin2 Code" කියලා.ඒකට පහසු අංකයක් ගහගන්න "12345" වගේ.ඊට පස්සෙ OK කරන්න.දැන් "Confirm Pin2 Code:" කියල වගේ එකක් කියයි.ඊට පස්සෙ ආයෙමත් අර ඉස්සෙල්ල ගහපු Number එකම ගහන්න "12345" ......දැන් OK කරන්න.දැන් Display එකේ වැටෙයි "Pin2 Saved" කියලා.ඔන්න දැන් අපේ සේරම වැඩ ටික ඉවරයි.

දැන් ආයෙමත් මුලට ගිහින් ඔයාගෙ ගෙදර Phone එකට හරි වෙන Phone එකකට හරි Call එකක් අරගෙන බලන්න.ඔයා Dial කරපු Phone එක Ring වේවි.බැරිවෙලාවත් Call එක Dial උනේ නැත්නම් ආයෙමත් Fixed Dialing ගිහින් බලන්න Fixed Dialing Onද Offද කියලා.Onනම් ඔයා අර අලුතින් දීපු Pin2 Number එක දීලා ඒක Off කරන්න.අනිවා වැඩ කරනවා.ඒක 100%ක් Sure !!!

-------------වෙනත් ජාලයක දුරකතන සඳහා :
ඉහත අප #888# Type කර Send කල තැනට #132# ලෙස සටහන් කොට Send කර එම SIM Card පත ලියාපදිංචි වී ඇති පුද්ගලයාගේ නම සහ හැඳුනුම්පත් අංකය ලබාගන්න.ඉන්පසුව වෙනත් Sim Card පතකින් Block වී ඇති Sim Card පත අයත් ජාලයේ පාරිභෝගික සේවා අංශය අමතා තම දුරකතනයේ PIN2 Block වී ඇති බවත් දැන් PUK2 නමින් කේතයක් ඇතුලු කරන ලෙස දිස්වෙන බවත් අත්වැරදීමකින් එසේ සිදුවූ බවත් පවසන්න.ඉන්පසුව ඔවුන් විමසන අවස්ථාවේදී අදාල Sim Card පතේ ඔවුන් ඉල්ලන විස්තර පමණක් ලබා දෙන්න.පසුව ඔවුන් විසින් එම දුරකතනයේ PUK2 Code එක ඔබ වෙත ලබා දෙනු ඇත.එතැන් සිට ඉහත සඳහන් පියවර අනුගමනය කරන්න.

------------
ඉතා වැදගත් :

ඔබගේ SIM Contact List එකෙහි ඇති Numbers සියල්ල වෙනම කොලයක නම සහ අංකය ලෙස ලියාගන්න.ඔබ Fixed Dialing Off කල වහාම ඔබගේ SIM Contact List එක Hidden වේවි.එය නැවත Active කලහොත් යලි Contact List එක පෙනෙනු ඇත.එම නිසා Fixed Dialing Inactive කල වහාම ඔබ අර ලියාගත් Contacts එකින් එක SIM Contact List එකට දා ගන්න.එතකොට හරි.

ඔන්න හරි.ඔයාලා බොහොම පරෙස්සමෙන්, සහ කාටවත් අසාධාරණයක් නොවෙන විදියට මේ දේවල් පරිහරණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.එහෙනම් හැමදෙනාටම ජයෙන් ජය !!!

0 comments:

Twitter Bird Gadget